"ආයුබෝවන්" එන්න අප හා එක්වන්න අපට ලියන්න,අදහස් හුවමාරු කරගන්න අපි "ප්‍රතිභා මාධ්‍ය එකමුතුව pmn.srilanka@gmail.com" Get Sinhala Font... Click The Link .Photobucket ආයුබෝවන්..

Tuesday, April 26, 2011

වැළකීම සහ වැළැක්වීමේ කථාව කොළඹදී.....



විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුල මත්ද්‍රව්‍ය සම්බන්ධව සිද්ධින් පොලිසීය හා අධිකරණ මුලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු වාර්තාවීමේ යහපත් ප්‍රවණතාවයක් දකින්නට ඇති බව 2011වර්ෂයේ පළමු කාර්තුව තුල මාධ්‍ය‍වේදීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය තුල සිදුකල සමීක්ෂණ‍යක් මගින් සොයාගෙන ඇත.


සාදාචාරාත්මක සමාජ වටපිටාව බරපතල ලෙස අභියෝගයකට ලක්කරන මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට හෝ පාලනය කිරීමට රජය, බහුජන සංවිධාන සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කලයුතු යුගයකි.

ඒ වෙනුවෙන් සාමාජීය කථිකාවතක් ගොඩනැගීමේ සුවිශේෂි වගකීම අප වෙත පැවරෙන්නේ නිරායාසයෙන් බව සිහිපත් කරමු.

මත්ද්‍රව්‍ය පිළිබ‍ඳව පොදුජන සමාජයේ අව‍බෝධය පුළුල් කිරීම සදහා ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන් දායකත්වය ලබාදියයුත්තේ කෙසේද යන්න පිළිබඳව සංවාදාත්මක සාකඡ්ඡාවක් මැයි මස 03 සහ 04 දින කොළඹදී පැවැත්වීමට ජනමාධ්‍ය පර්ෂදය මගින් කටයුතු සංවිධානය කර ඇත.

මෙම සාකඡ්ඡාව සඳහා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගෙන් රැසක් සහභාගීවීමට නියමිත බව ජනමාධ්‍ය පර්ෂදයේ ලේකම් රෝහන සිරිවර්ධන මහතා ප්‍රතිභා මාධ්‍ය එකමුතුව සමග පැවසීය.

විශේෂ වාර්තාකරු,
ප්‍රතිභා මාධ්‍ය එකමුතුව.

No comments:

Post a Comment